සංචාරක ඉන්දීය පිල සහ එංගලන්තය අතර දෙවන එක්දින තරඟය කාඩිෆ් හිදී අද (27) පැවැත්වෙනවා. පළමු තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි නිසා ඉන්දීය පිල එක්දින තරගාවලියේදී එංගලන්තයට මුහුණ දෙන ආකාරය හඳුනා ගැනීමට මෙම තරඟය වැදගත්. ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය පිල එංගලන්තය අතින් 3 ට 1 ක් ලෙස දරුණු පරාජයකට ලක්වුණා. මේ අතර, දෙවන එක්දින තරඟයට පෙර ඉන්දීය පිලේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. ප්‍රධාන පුහුණුකරු ඩන්කන් ෆ්ලෙචර් 2015 ලෝක කුසලාන තරඟාවලිය අවසන් වනතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ යුතු බව දෝනි පවසා තිබුණා. එහෙත් ඉන්දීය පාලක මණ්ඩලය කියා සිටියේ දෝනි ඔහුගේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.
Aug 27, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.