Jul 11, 2014


ළදරුවන්ට හැදෙන 
ගුප්ත රෝගයක් නිසා 
දකුණේ පෙරපාසල් 10 වහලා - www.elakolla.com



මේ දිනවල දකුණු පළාතේ පෙර පාසල් යන වයසේ දරුවන්ට සෑදෙන රෝගයක් නිසා
දරුවන් දෙදෙනකු හෘදයේ ආසාදන (මයෝකාඩිටිස්) තත්ත්ව පෙන්නුම් කර මියගොස් ඇත.
බද්දේගම ප්‍රදේශයේ පෙර පාසල් යන සිව් හැවිරිදි චනුල් චතුෂ හා පස් හැවිරිදි අශිනි මදුවන්ති මේ ආකාරයට මරු වැළඳගෙන ඇත.

මීට අමතරව තවත් පෙර පාසල් දරුවන් තිදෙනකු ද අසාධ්‍ය තත්ත්වයෙන් බද්දේගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
මෙම රෝගය ගැන කරුණු හරිහැටි පැහැදිලි නැති හෙයින් මේ වන විට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ පෙරපාසල් 10 ක් දරුවන්ගේ ආරාක්ෂාවට තාවකාලිකව වසාදමන්නටද තීරණයවී ඇත.
උණ, හිසරදය, වමනය, බඩඑළිය යාමේ රෝග ලක්ෂණ මෙම රෝගයේ මූලික ලක්ෂණයි.
මෙම ලක්ෂන පෙන්නුම් කිරීම හේතුවෙන් බද්දේගම දිසා රෝහලට ඇතුළත් කළ දරුවන් පස්දෙනකු වැඩි දුර ප්‍රතිකාර ස`දහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනකු මේ ආකාරයට මරුදුටුවා.
මියගොස් ඇති සිව් හැවිරිදි චනුල් චතුෂ බද්දේගම බඹරවාන කන්ද ගනේගම උතුර පදිංචිව සිටි අතර මියගිය පස් හැවිරිදි අශිනි මදුවන්ති බටබැද්ද ඇත්ක`දුර පදිංචිව සිටියා.
මේ දෙදෙනා පෙර පාසල් දෙකක අයයි.
සිය එකම දරුවා වන චනුල් චතුෂ දින කිහිපයක සිට හිසේ කැක්කුමකින් පෙළී ඇති අතර පසුගිය සතියේ සඳුදා මව සමග පෙරපාසලට පැමිණ ඇත.
පංති කාමරයට දිව ගිය දරුවා පපුව රිදෙන බව මවට පැවසීමෙන් පසු ඔහු තදබල ලෙස අසනීප වී ඇත.
ති්‍රරෝද රථයකින් බද්දේගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර ස`දහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය 24 ක් ඇතුළත මියගිය බව දරුවාගේ මව්පියන් පවසනවා.
අශිනි මධුවන්ති දැරිය අසනීප වී ඇත්තේ මේ සිද්ධියෙන් දින 3 කට පසුය.
ඇයට බද්දේගම වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් ප්‍රතිකාර ලබා දී ඇත.
අසනීපය වැඩි වීම හේතුවෙන් දින 4 කට පමණ පසු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
එකම වයසේ පෙරපාසල් දරුවන් දෙදෙනකු සතියක් තුළ මියයාමත් සමග මේ වනවිට එම ප්‍රදේශවල විවිධ කටකතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
මියගිය දරුවන් දෙදෙනාගෙන් පිරිමි දරුවාගේ මරණයට හේතුව (කාඩියෝ රෙස්පිරේටර් ඇරස්ට් ඩියුටු ඇකියුට් මයෝකාඩිටිස්) හෘද වස්තුවේ ආසාත්මිකතාවයක් බව වෛද්‍යවරු මරණ පරීක්ෂණ වර්තාවෙන් තහවුරු කර ඇත.
අශිනි මදුවන්ති දැරියගේ මරණයට හේතුව තවම නිශ්තය කර නැති අතර පසුව දැනුම් දෙන බව කියා තිඛෙනවා.
මොළේ සුෂුම්නාවට විෂබීජයක් ඇතුළු වී ඇති බවට රෝග ලක්ෂණ තිඛෙන බව එම වර්තාවල දැක්වෙනවා.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.කේ.
විෙජ්වික්‍රම මහතා මාධ්‍ය වෙත දන්වා සිටියේ,
විෂ බීජයකින් හා හඳුනා නොගත් රෝගයකින් ළමයින් මියගියා කියන කතාව පිළිගන්න බැහැ.
පසුගිය මාස හය තුළ මේ ප්‍රදේශයේ ළමයින් හය දෙනකු මිය ගිහින් තියෙනවා.
ඒ නිව්මෝනියා, බඩයාම යන රෝගී තත්ත්වයන් නිසා.
ඒ ළමුන් මිය ගිහින් තියෙන්නේ හඳුනා නොගත් රෝගයකින් නොවෙයි.
මේ ළ`ගදී මියගිය පෙර පාසල් දරුවන් දෙදෙනාගේ ලේ සාම්පල් අරගෙන තියෙනවා.
එම ලේ සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු ලැඛෙන වාර්තා අනුව තමයි කියන්න පුළුවන් රෝගී තත්ත්වය කුමක්ද කියා.
මේ දිනවල උණ රෝගයක්ද පැතිර යනවා.
මේ ගැන පරීක්ෂණ සිදු කරමින් පවතිනවා ලෙසිනි.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score