සුළග අධාරයෙන් විදුලිය නිපදවිය හැකි කෘතීම ගසක් නිර්මාණය කිරීමට ප්‍රංශයේ සිටින ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ. සුළං ගස් සංකල්පයේ නිර්මාපකයා වන්නේ ජෙරෝමි මිචාවුඩ් ලැරිවේරියි. ඔහු දිනක් තම උද්‍යානයේ විවේකිව සිටියදී සුළගට සෙලවෙන ගසක් දැක මෙම සංකල්පය නිර්මාණයක් බවට පත් කළ බව ඔහු පවසනවා.
මෙම නිර්මාණයේ කොළ ලෙස යොදා ගැනෙන කොටස ඉතා කුඩා තලයක් අකාරයෙන් යොදා ගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා. මෙම නිසා එම තලය සහිත කොටස සුළග පැමිණෙන දිශාව පාදක කරගෙන නිරන්තරයෙන්ම කරකැවෙනවා. එසේම මෙය කැරකවිමේදී කිසිදු ශබ්දයක් පිටවන්නේ නැහැ.
ඔහුට මෙම නිර්මාණය නිම කිරීම සදහා වසර තුනක කාලයක් පමණ ගත විය. ජෙරෝමි ඇතුළු පිරිස විසින් අඩි 26 පමණ උස මුලාකෘතියක් නිර්මාණය කර තිබේ.
ඉදිරි වසරේදී මෙම නිර්මාණය වෙළද පොලට නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙහි වටිනාකම දල වශයෙන් රුපියල් ලක්ෂ 06 කට ආසන්න මුදලක් වේ. මෙමගින් සාමාන්‍ය ටර්බයිනයකින් නිපදවා ගන්නවාට වඩා දෙගුණයක් විදුලිය නිපදවා ගැනීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.